
වචන සහ ප්‍රකාශනවලට වඩා රටට වැදගත් වන්නේ ක්‍රියාවයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
තාර්කික ජාතික ප්‍රතිපත්ති, පෞද්ගලික අංශයේ නායකත්වය සහ දිගුකාලීන සැලසුම්කරණයක අවශ්‍යතාවය රටට පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
වරලත් මිනින්දෝරුවරුන්ගේ රාජකීය ආයතනය හෙවත් RICS ශ්‍රී ලංකා සංසදයේදී ඔරොත්තු දෙන, අන්තර්ග්‍රාහී, චක්‍රීය වර්ධනයක් සඳහා වූ සිය දැක්ම ගෙනහැර දක්වමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.
එහි දී ඔහු සියල්ල ඇතුළත් ආර්ථිකයක් සඳහා වූ තම දැක්ම ඉදිරිපත් කරමින් පැවසුවේ ජාතික චක්‍රලේඛනගත පරිසර රාමුවක්, මධ්‍යම පන්තිය සඳහා දැරිය හැකි නිවාස, ස්මාර්ට් නාගරික සැලසුම්කරණය, ඉදිකිරීම් අංශය පුනර්ජීවනය කිරීම සහ හරිත රාජ්‍ය ප්‍රසම්පාදනය පිළිබදවයි.
සීමිත රජයේ මූල්‍ය අවකාශය පිළිගනිමින්, නාගරික ඉඩම් ප්‍රතිසංස්කරණ සහ ආයෝජක පහසුකම් සැපයීම වැනි සැපයුම්-පාර්ශ්වික විසඳුම් වල අවශ්‍යතාව මෙහිදී විපක්ෂ නායකවරයා මතු කළා.
තවද අර්බුදවලින් පීඩාවට පත් වු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය වීමේ අවශ්‍යතාවය ඉස්මතු කළ සජිත් ප්‍රේමදාස මහතා දූෂණය මැඩපැවැත්වීම සඳහා පූර්ණ ඩිජිටල්කරණයක් අවශ්‍ය බව පැවසුවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනතුරු අගවමින් පැවසුවේ හදිසි ප්‍රතිසංස්කරණ නොමැතිව 2028 දී සිදුවිය හැකි ආර්ථික අර්බුදයක් පිළිබඳවයි.
පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සාධාරණ, IMF-පෙළගැස්වූ ප්‍රතිපත්ති සඳහා පෙනී සිටින බවද විපක්ෂ නායකවරයා මෙහිදී පැවසුවා.