වතිකානයේ සිස්ටයින් දේවස්ථානයේ දුම් කවුළුවෙන් කළු දුමාරයක්

වතිකානයේ සිස්ටයින් දේවස්ථානයේ දුම් කවුළුවෙන් කළු දුමාරයක්

නව පාප් පාප්වරයෙකු තෝරා ගැනීම වෙනුවෙන් වතිකානයේ සිස්ටයින් දේවස්ථානයේ පැවති සමුළුවේ පළමු දිනයේ එහි දුම් කවුළුවෙන් කළු දුමාරයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව එම කළු දුමාරයෙන් දැනුම් දී ඇත්තේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා නොගන්නා බවයි

මේ හේතුවෙන් එම කටයුතු අද දිනයේද අඛණ්ඩව සිදු කිරීමට නියමිතයි

නව පාප් පාප්වරයෙකු අවම වශයෙන් තුනෙන් දෙකක බහුතරයකින් තෝරා ගන්නා විට, සුදු දුමාරයක් ශාන්ත පීතර චතුරශ්‍රයේ රැස්ව සිටින ජනකායට සහ ලොව පුරා බිලියනයකට අධික කතෝලිකයන්ට එම පණිවුඩය නිවේදනය කරනු ලබනවා

Share This