
වතුකරයේ පාසල් 35ක් ආපදා අවදානමක
වතුකරය ආශ්‍රිතව ආපදා අවදානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වී තිබෙනවා
මලෛයග තමිළර් ප්‍රජාව සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ඉදිරියේදී එම පාසල් සඳහා විසඳුම් ලබා දීමට කඩිනම් පියවර ගන්නා බවයි
එමෙන්ම ආපදා අවදානම් පාසල්වල ඉගෙනුම ලබන සිසුන් වැසි කාලය සඳහා ආරක්ෂිත ස්ථාන වෙත කැඳවා අධ්‍යාපන කටයුතු සිදු කරන බවත්, වර්ෂාව අවසන් වූ පසු නැවත එම පාසල් වෙත යැවෙන බවටත් එහිදී අනාවරණය වී තිබෙනවා
වතුකරයේ පාසල් 864ක් පවතින අතර ඉන් පාසල් 153ක් සඳහා පමණක් ඉඩම් අයිතිය තිබෙන බවද එහිදී සඳහන් වුණා