වන අලි වනසන දඩයම්කරුවන්ගේ වානේ කම්බි

වන අලි වනසන දඩයම්කරුවන්ගේ වානේ කම්බි

කවුඩුලු ජාතික වනෝද්‍යානය නීජභූමිය කරගත් වයස අවුරුදු හතක වන අලි පැටවකු ගේ ඉදිරිපාදයට වැටී තිබූ වානේ කම්බි මද්දක් නිසා ඇතිවු තුවාලයට කඩිනම් ප්‍රතිකාර සිදුකිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මීට දින කිහිපයකට ඉහතදී වයස අවුරුදු හතක් පමණ වන අලි පැටවකුට කවුඩුලු ජාතික වනෝද්‍යානය තුල දී දඩයම්කරුවකු විසින් අටවනලද වාහනේ කම්බිමද්දක් වැටී දැඩි වේදනාවෙන් ඇවිදිමින් සිටිනු දැකගත හැකි වුණා.

ඉදිරි වම් පාදයට වැටී තිබූ එම කම්බි මද්ද කපා ඉවත් කිරීමෙන් පසු එම අලි පැටවාගේ ඇති වූ විශාල තුවාලය සුව කිරීම සඳහා කඩිනම් ප්‍රතිකාර සිදුකිරීමට ගිරිතලේ වනජීවී පශූ වෛද්‍ය රෝහලේ වෛද්‍ය සමීරකලිගු මහතා ප්‍රමුඛ කණ්ඩායමක් කටයුතු කළා.

මෙම වන අලි පැටවා නිර්වින්දනය කර අවශ්‍ය ප්‍රතිජීවක එන්නත් ලබාදීම අඛණ්ඩව සිදුකරන බව ද ඔවුන් පැවසුවා.

Share This