වන හංසයින් සංරක්ෂණය කිරීම සොබාදහමේ පැවැත්මට හේතුවෙයි

වන හංසයින් සංරක්ෂණය කිරීම සොබාදහමේ පැවැත්මට හේතුවෙයි

2030 වන විට එක්සත් රාජධානියේ වන හංසයන්ගේ සංඛ්‍යාව දෙගුණයක් වනු ඇතැයි එක්සත් රාජධානියේ පරිසර වාර්තාකරුවන් පෙන්වා දෙනවා.

ශීත කාලයේදී වන හංසයින්ගේ හැසිරීම තෙත්බිම් ආරක්ෂා කරගැනීමට උපකාරී වන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ

විද්‍යාඥයන් පවසන්නේ ස්වභාව රක්ෂිතවල විශේෂ ආරක්ෂාවක් හංසයාට ලැබෙන බවයි.

දශක ගණනාවක් තිස්සේ විනාශ වන පෘථිවියෙන් 30%ක් වූ ස්වභාවධර්මයේ ජෛවවිවිධත්ව නැවත ලබාගැනීමට වන හංසයින්ගේ වර්ධනය උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

Exeter විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Stuart Bearhop පවසන්නේ ස්වභාවික රක්ෂිත වනජිවීන්ගේ ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරන බවයි. අපට ලෝකයෙන් 30% ක් නිවැරදිව ආරක්ෂා කර ගත හැකි නම් නියත වශයෙන්ම ස්වභාවධර්මය රැකගත හැකි බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Exeter සහ Helsinki යන විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් විසින් වන හංසයින් 10,000කගේ වසර 30 දත්ත විශ්ලේෂණය කර තිබෙනවා.

ස්වභාවික තෙත්බිම් සංචිතවල පැවැත්මේ අනුපාත සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව ඔවුන් සොයාගෙන තිබෙනවා.

මෙම අධ්‍යයනයෙන් හෙළිවූයේ පහත් බිම්වල වෙරළබඩ ප්‍රදේශවල ස්වභාවික රක්ෂිතයන් වන හංසයන්ගේ පැවැත්මට වැදගත් වන බවයි.

ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය, උතුරු එංගලන්තය සහ නැගෙනහිර ඇන්ග්ලියාවේ සමහර ප්‍රදේශවල ඔක්තෝබර් සහ මාර්තු අතර කාලවලදී වන හංසයින් දැක ගත හැකිවනවා.

Norfolk හි Welney, Lancashire හි Martin Mere සහ නිරිතදිග ස්කොට්ලන්තයේ Caerlaverock හි ස්වභාවික රක්ෂිත තුනක් වන හංසයින්ට විශේෂ ආරක්ෂාවක් සපයන රක්ෂිත ලෙස හඳුනාගෙන තිබෙනවා.

පිරිසිදු වාතය, ජලය සහ ආහාර මෙන්ම මිනිසාගේ පැවැත්ම ගෝලීය පරිසර පද්ධතිය මත රඳාපවතින අතර මේ වනවිට ඉතිහාසයේ පෙර නොවූ ලෙසින් ශාක හා සත්ත්ව විශේෂ අතුරුදහන් වෙමින් පවතින බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

දෙසැම්බර් මාසයේදී රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක් ජෛව විවිධත්වය පිරිහීම නැවැත්වීමේ සහ ආරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස 2030 වන විට ස්වභාවධර්මය සඳහා ගොඩබිම සහ මුහුදෙන් 30% ක් ආරක්ෂා කිරීමේ සැලැස්මකට අත්සන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

Share This