වනාන්තරයේ ‘සිරුරු’  250 කට අධික ප්‍රමාණයක්

වනාන්තරයේ ‘සිරුරු’ 250 කට අධික ප්‍රමාණයක්

250 කට අධික පිරිසක් වළ දමා තිබු කෙන්යාවේ වෙරළබඩ නගරයක් වන Malindi ප්‍රදේශයේ Shakahola වනාන්තරය රජය විසින් ජාතික අනුස්මරණ ස්ථානයක් බවට පත් කරන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසනවා

අක්කර 800ක වනාන්තරයේ වළ දමා තිබූ සිරුරු ගොඩගැනීම අවසන් වූ පසු එහි සිදුවූ දේ ජනතාවට අමතක නොවන ස්ථානයක් බවට පත් කිරීම අරමුණ බවයි ඔහු සඳහන් කර ඇත්තේ

මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, ළමයින් ඇතුළුව ගොදුරු වූවන්ගෙන් බොහෝ දෙනෙක් කුසගින්නෙන් මිය ගොස් ඇති අතර තවත් කිහිපදෙනෙකුගේ ගෙල සිර කර හෝ පහර දීමෙන් මිය යාමට සළස්වා ඇති බවයි පැවසෙන්නේ

පසුගිය අප්‍රේල් මාසයේ මෙහෙයුම ආරම්භ කළ දින සිට මේ දක්වා මළ සිරුරු 251ක් සොයා ගෙන ඇති අතර වනගතව සිටි පුද්ගලයින් 95 දෙනෙකු බේරාගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම මෙම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි

මේ සම්බන්ධයෙන් එරට ජනාධිපති William Ruto කෙන්යාවේ වැසියන්ගෙන් මීට පෙර සමාව ඉල්ලා තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා

ආගමික දේශකවරයෙකුගේ දේශනාවලට අනුව අනුගාමිකයින්ට නිරාහාරව සිටීමෙන් මිය යන ලෙස පවසා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ

Share This