වනේ වන අලින් රැක ගත් වී කාය – හිසට හෙවන දෙන නිවසත් වනසාය

වනේ වන අලින් රැක ගත් වී කාය – හිසට හෙවන දෙන නිවසත් වනසාය

ඇලහැර ප්‍රදේශයේ ගම්මාන වලට මේ දිනවල කඩාවදින වන අලින් වී කැමට ගබඩා තුනක් සහ නිවාස 17 පහර දී කඩා දමා ඇතැයි වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ බකමුණ, සිිරිකඳු යාය ගම්මානයට ඊයේ (09) අළුයම කඩා වැදුණු වන අලින් වී කැමට නිවාස තුනකට පහර දී ඇති බවයි.

සිරිකදුයාය සහ බකමුණ නගර ආසන්නයේ ඇති ගම්මානවල නිවාස 4 ක් කඩා දමා ඇති බව සිරිකදු යාය ගම්මානයේ ගම්වැසියන් පවසනවා.

මේවනවිට ජයසිරිපුර, සෝමියල් හන්දිය, කෝදුරුවාව යන ප්‍රදේශවල වී ගබඩා තුනක් බකමුණ යාය 6 ගම්මානයේ සහ සිරිකදුයාය ගම්මානවල නිවාස 8 සෑගල ගම්මානයේ නිවාස 4 ක් සරුබිම ගම්මානයේ නිවාස 3 ක් නිකපිටිය ගම්මානයේ එක් නිවසක් දින 5 කදි වන අලින් විසින් වි කැම සදහන් කඩා දමා තිබෙන බව සඳහන්.

ගම්වැසියන් පවසන්නේ දිනපතා රාත්‍රි කාලයේ සහ දහවල් කාලයේ ගම්මාන වල සැරිසරන වන අලින් මේ වනවිට වී කැම සදහා නිවාස 20 කට පමණ පහර දී ඇති බවයි.

නිවාස වන අලියා කඩන බව දැන දනම වනජීවි නිලධාරීන් ඇතුළු රජයේ වගකිව බලධාරින් කිසිදු පියවරක් නොගන්නා බවට ගම්වැසියන් චෝදනා කරනවා.

ඊයේ අළුයම බකමුණ, සිරිකදුරුයාය ගම්මානයේ සැරිසරන වන අලියකු නිවසක් අසලට පැමිණ එම නිවසේ වි නොමැති නිසා අසල් වැසි නිවසට ගොස් එම නිවස කඩා වි කන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණා.

වන අලින් දහවල් කාලයට තම ගොවි බිම් වල රැඳී සිට ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරන ආකාරයද ජංගම දුරකථනයක ජනතාව සටහන් කරගෙන තිබුණා.

ගම්වාසීන් පවසන්නේ ඉතා දුක් මහන්සියෙන් වගා කර ගෙට ගන්නා වී ටික වන අලින්ට දී ජීවිත කාලයක් පොර බදා ඉදිකර ගත් නිවස ද අහිමි කර ගැනීමට සිදුවීමෙන් තමන් හව් හරණක් නැති තත්ත්වයට පත්ව සිටින බවයි.

 

Share This