වයඹ දිග චීනයේ ඇති වූ භූමිකම්පාවෙන් මිය ගිය ගණන 126 දක්වා ඉහළට

වයඹ දිග චීනයේ ඇති වූ භූමිකම්පාවෙන් මිය ගිය ගණන 126 දක්වා ඉහළට

වයඹ දිග චීනයේ ඇති වූ භූමිකම්පාවෙන් පුද්ගලයන් 126 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Gansu පළාතට රිච්ටර් මාපකයේ 6.2 ක ප්‍රබල භූ කම්පනය ඇති වූ අතර එය අසල්වැසි කිංහායි පළාතටද දැනී ඇති බවයි පැවසෙන්නේ

තුවාල ලැබූ සංඛ්‍යාව 700 ඉක්මවීමත් සමග මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් විශ්වාසය පළ කර තිබෙනවා

චීන ජනාධිපති ෂී ජින්පින්ග් එම කලාපයට දහස් ගණනක් ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලය යොදවන ලෙසට නියෝග කර ඇති බවද සඳහන්

Gansu පළාතේ දරුණුතම බලපෑමට ලක් වූ Jishishan ප්‍රාන්තයේ ප්‍රාදේශීය නිලධාරීන් පැවසුවේ ප්‍රදේශයේ ගොඩනැගිලි 5,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි.

භූමිකම්පාව රිච්ටර් පරිමාණයෙන් 6.2 ක් ලෙස සටහන් වූ බව චීන බලධාරීන් පවසා ඇති අතර එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) ආයතනය විසින් රිච්ටර් පරිමාණයේ 5.9 ක් සහ කිලෝමීටර 10 ක් ගැඹුරකින් සිදුවූ බවට වාර්තා කර තිබෙනවා .

එමෙන්ම පසු කම්පන 10 ක් පමණ සිදුව ඇති බවද පළාත් පාලන ආයතන වාර්තා කරනවා

Share This