වයස අවුරුදු 30ට අඩු අයට එන්නත දෙන්න සැළසුම් කර ඇති දින වකවානු
වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන්ට කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් ඊයේ ( 09) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අදහස් පළ කරනු ලැබුවා
ඒ අනුව ඔහු සඳහන් කළේ , මිලියන 3.5 පමණ වන වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් සඳහා එන්නත්කරණය අගෝස්තු මාසයේ අග සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවයි .
එමෙන්ම සැප්තැම්බර් මස අග වන විට වයස අවුරුදු 30ට අඩු පිරිස් සඳහා එන්නත්කරණය අවසන් කිරීමට බලාපොත්තු වන බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරනවා
මේ වන විට වයස අවුරුදු 30 ට වඩා වැඩි පුද්ගලයන්ගෙන් 96% ක් පමණ පළමු මාත්‍රාව ලබාගෙන ඇති බවත් මේ මස අවසන් වන විට එම සියලු දෙනාට දෙවන මාත්‍රාව ලබා දී අවසන් කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.