වරාය නගර ව්‍යාපෘතිය ගැන කැබිනට් ප්‍රකාශකගෙන් සහතිකයක්

වරාය නගර ව්‍යාපෘතිය ගැන කැබිනට් ප්‍රකාශකගෙන් සහතිකයක්

රටට අහිතකර කිසිදු හෝ කටයුත්තක් වර්තමාන රජය විසින් සිදු නොකරන බවට සහතික වන බව, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම අවස්ථාවට මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොල රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද එක්වුණා.

එහිදී අදහස් පළ කළ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා –

“මෙය ක්‍රියාත්මක කිරීමේදී අපි කිසිම අවස්ථාවක සාමාන්‍ය තත්ත්වයෙන් මිදිලා නැහැ. විධායක, ව්‍යාවස්ථාදායකය, අධිකරණය අපි මෙතනින් බයිපාස් කරලා නැහැ. කොහෙත්ම කරලා නැහැ. මේ කියන කරුණු සියයට 200 ක් අසත්‍යයි. මේ භූමිය අපිට අයිති නැහැ කියන එක ප්‍රධාන තර්කයක්. ගැසට් පත්‍රය අත්සන් කරලා තියෙන්නේ, වජිර අබේවර්ධන මැතිතුමා, මේ භූමිය රටේ භූමියට එක්කාසු කිරීමේ ගැසට් පත්‍රිකාව. දෙවැනිදා අගෝස්තු 2019. ඒ සියලු දේත් එක්ක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, එතුමා මේක ඊට පසුව යූ.ඩී.ඒ. එකට නාගරික සංවර්ධන අධිකාරියට පැවරිමක් කරලා තියෙනවා. ඒ නිසා මෙය මුලික ව්‍යවස්ථාවට එකගයි කියලා රජයේ නීතිපතිවරයා රජයට උපදෙස් දෙන පිළිගත්ත නීතිපතිවරයා අපිට දන්වලා තියෙනවා, නිල වශයෙන්. ඒ නිල වශයෙන් දැන්වූවාට පසුව තමයි, මේ කටයුතු ඉන් ඉදිරියට අපි ගෙනිච්චේ. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, බොහෝම පැහැදිලිව, මේ රටට අහිතකර වැඩක්, වර්තමාන ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, රජය කරන්නේ නැහැ කියන සහතිකය අපි දෙනවා. අපි මේ රටේ. කෑලි කෑලි විකුණන වැඩපිළිවෙලක් අපි කරන්නේ නැහැයි කිහන සහතිකය දෙනවා.”

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොල රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පලකළ අදහස් –

” එක කවුළුවක්, තුළින් සියලුම කරුණු කාරණා කර ගන්න පුළුවන් වෙන කවුළුවක් හරහා, ආයෝජකයන්ට පහසුතාවය ලබා දෙන, පනතක් තමයි මේ පනත. මේ පනත, ඇවිල්ලා මේ රට බෙදන්නවත්, රටට හානිකර දෙයක්වත් වෙන දෙයක් නෙවෙයි. අලුතින් රැකියාවල් අසූ තුන්දහසක් පුළුවන් ක්‍රමවේදයක්. මේක මේගා පොලිස් අමාත්‍යාංශයෙන්, ඒ කාලයේදී ඒ අයම කිව්වා මේ තියෙන්නේ. ඉතිං මේ අලුත් හැරවුම් ලක්ෂය එනවාට සමහරක් අය කැමති නැහැ. දවසක් ඇවිල්ලා කියනවා, මේක චීන කොලයක් වෙනවා කියලා. මේ පනතේ කිසිම තැනක, චීනයේ කොලණියක් වෙනවා කියලා කොතනකවත් නැහැ. ඇමෙරිකානු ඩොලර් බිලියන 15 ක ආයෝජන අපි බලාපොරොත්තු වෙනවා ඊලග අවුරුදු 5 තුල. ඉතිං මේ පිම්ම පනින්න ඉඩ දෙන්න අවශ්‍යයි. මේ රටේ පොලිසිය නීතිය නැහැයි කියලා කියනවා. ඒ නගරයට ගිහිල්ලා කවුරු හරි ඒ නගරයේ කෙනෙක් ගිහිල්ලා පිට් පොකට් එකක් ගැහුවොතින්, අපේ පොලිසිය ගිහිල්ලා තමයි එක විග්‍රහ කරන්නේ. චීනයෙන් එන්නේ නැහැ කවුරුත්. රුපියල් වලින් ගිහිල්ලා ගනු දෙනු කරන්න පුළුවන් කියලා, එක වෙනමම ලියලා තියෙනවා. එතකොට වෙන රටවල් වල මුදල් වලිනුත් ගනු දෙනු කරන්න පුළුවන් කියලා කියන්නේ, මොකද, මේ තත්ත්වය අපි උදා කෙරුවොත් තමයි, පහසුවෙන්, ඇවිල්ලා කාට හරි මෙතන වැදගත් විදියට මෙතන කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ”

ප්‍රශ්ණය – විජේදාස රාජපක්ෂ කියන්නේ රජයේ ඉන්න, මන්ත්‍රි කෙනෙක්. ඔහුට විරුද්ධව මේ ආණ්ඩුව පරික්ෂණයක් පවත්වන්න රජය ඉදිරියේදී බලාපොරොත්තු වෙනවාද..?

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පිළිතුර
“පක්ෂයක් තුළ විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදය තුළ අවශ්‍ය කටයුතු පක්ෂයක් විදියට ඉදිරියට කරනවා.”

අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පිළිතුර
“විජේදාසට තිබුණේ, අවශ්‍යනම් මේ කරුණු ඇවිල්ලා ගෲප් එකේ සාකච්ඡා කරන්න. ගෲප් එකේ සාකච්ඡා කෙරුවානම්, මේ ඔක්කෝම තොරතුරු ටික එයාට ලබා දෙන්න තිබුණා. ඉතිං ඒ නිසා ඒ වෙනුවෙන් මං හිතන්නේ, පක්ෂයේ යම්කිසි තීරණයක් ගන්නට සිදුවෙයි, මම එකඟයි ඒකත් කළ යුතුයි කියන එකට.”

මේ අතර අස්ගිරි මහාවිහාර සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ, රජය විසින් අදාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කළ යුතු බවයි.

“මෙම පනත මගින් රටේ, පවතින නීතිමය රාමුවට ඒවාගේම යම් යම් පරිපාලන කටයුතුවලට බාධාවක් වන බවත්, දැන ගන්න තිබෙනවා. කෙසේ නමුත් මේ පිළිබදව පැහැදිලි අවබෝධයක් අපිට ලබාදිලා නැහැ. ඒ නිසා අපි අපේක්ෂා කරනවා, ඉදිරි කාලය තුල මේ පිළිබදව විශේෂ අධ්‍යනයක් කිරීම සදහා අපේ මහා විහාරවලට මේ පිළිබදව දැනුවත් කිරීමක්, සිද්ධ කරන හැටියට වර්තමාන රජයෙන්.”

මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඛ සභාවේ මහනාහිමි පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් දැනුවත් කෙරුණා.
ඒ පන්නිපිටිය ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරයේදීයි.

” මේ පෝට් සිටි පනත එකේ අත්තනෝමතික බලයක් කාටවත් පවරලා නැහැ. වරාය නගරය ආශිත සමස්ත සැලැස්ම පිළියෙල කරලා අතිගරු ජනාධිපතිතුමාගේ, අනුමැතිය ලබාගත යුතුයි. එතකොට ඒගොල්ලෝ ඉඩම් එහෙම බදු දෙනවානම්, ඒ සියල්ලක්ම කළ යුත්තේ, ලංකාවේ නීතියට අනුකූලවයි. ඒ නිසා මේක වෙන රටක් කියන මතය කිසිසේත් පදනමක් තියෙන මතයක් නෙවෙයි. ” අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙලෙස සඳහන් කළා.

පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් එහිදී ප්‍රකාශ කළේ,

“චාරයක් නැතිව සමහර දෙනා මේ ගැන අදහස් දක්වනවා. දේශපාලනඥයොත්, දේශපාලන පක්ෂවල අයත්, මන්ත්‍රිවරුත්, සමහර විට මේ කිසිවක් නොදැන කිසිවක් නොකියවා බොහෝ විට අදහස් ප්‍රකාශ කරනවා. මොකද මේක ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරන්න… ජනාධිපතිතුමාට ප්‍රහාර එල්ල කරන්න කාරණයක් වශයෙන් යොදා ගන්නවා එක වැරදියි. ඉතිං අපේ සමහර මන්ත්‍රිවරු.. ඇමතිවරු.. අධිතක්සේරුවක සිටින නිසා කවුරුත් කියන දේවල් පිළිගන්නෙත් නැහැ… ඒගොල්ලෝ තමයි උගත්තු.. දැනුවත්තු නීතිවේදියෝ කියන අදහසින්, අදහස් ප්‍රකාශ කරනවා. ඔබතුමාලාම තමයි, මේක වෙනස් කරන්නත් ඕනේ.”

Share This