වලස්මුල්ල මුරුතවේල ජලාශයෙන් ජීව අත් බෝම්බයක්

වලස්මුල්ල මුරුතවේල ජලාශයෙන් ජීව අත් බෝම්බයක්

වලස්මුල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මුරුතවේල ජලාශයෙන් ජීව අත් බෝම්බයක් හමුවී තිබෙනවා.

ජලාශයේ දිය නෑමට ගිය පුද්ගලයෙක් ප්‍රථමයෙන් මෙය දැක ඇති බවයි වාර්තා වන්නේ.

බෝමබය දුටු අදාළ පුද්ගලයා ඒ පිලිබඳ මික්දෙනිය පොලිස් ස්ථානය දැනුවත් කර තිබෙනවා.

ලද තොරතුරට අනුව මික්දෙනිය පොලිස් ස්ථානයෙන් නිලධාරීන් පිරිසක් ගොස් පරික්ශා කිරීමෙන් අනතුරුවයි බෝම්බය පැහැදිලිවම හදුනාගෙන ඇත්තේ.

පසුව අනාවරණවී ඇත්තේ එම අත්බෝම්බය විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් බවටයි.

සිංගප්පූරුවේ නිෂ්පාදිත අත්බෝම්බයක් බවට තොරතුරු වාර්තාවන අතර ජලාශයේ ජලය අඩුවීම හේතුවෙන් එය මෙලෙස නිරීක්ෂණය වී ඇති බවට මේවන විට අනාවරණවී තිබෙනවා.

Share This