වවුනියාවේ ගම්වාසීන් – පොලීසිය සමග ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පොලීසියේ 9 කට තුවාල (VIDEO)

වවුනියාවේ ගම්වාසීන් – පොලීසිය සමග ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පොලීසියේ 9 කට තුවාල (VIDEO)

වවුනියාව කූමාන්කුලම ප්‍රදේශයේදී පොලිසිය හා ගම්වාසීන් පිරිසක් අතර හටගත් උණුසුම්කාරී තත්ත්වයකින් පසු පොලිස් නිලධාරීන් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඉන් 5 දෙනෙකු වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගැනුනේ.

වවුනියාව කූමාන්කුලම ප්‍රදේශයේදී වේගයෙන් ගමන්ගත් යතුරුපැදියක් පෙරළීයාමෙන් එහි ගමන්ගත් පුද්ගලයා එම ස්ථානයේදීම මියගියා.

පොලිසිය පවසන්නේ ඒ පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයට ගිය අවස්ථාවේ ගම්වාසීන් පිරිසක් පොලිසියට විරෝධය පළ කර ඇති බවයි.

එහෙත් ප්‍රදේශවාසීන් පැවසුවේ පොලිසිය ලුහුබැදීම නිසා වේගයෙන් ගමන්ගත් යතුරුපැදිය පෙරළී මේ අනතුර සිදුවූ බවයි.

මුලින් එම ස්ථානයට ගිය නෙළුම්කුලම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ගම්වාසීන්ගේ කලහකාරී ස්වරූපය නිසා තවත් පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගෙන්වාගෙන තිබෙනවා.

අනතුරුව පොලිස් කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන කැඳවූවත් තත්ත්වය පාලනය කිරීම අපහසුවී තිබෙනවා.

එම උණුසුම් තත්ත්වය හමුවේ ගම්වාසීන් සිදු කළ පහරදීමකින් පොලිස් නිලධාරීන් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් නිලධාරීන් 5 දෙනෙකු වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එම ස්ථානයට පැමිණි වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් තත්ත්වය සමතයකට පත් කිරීමට උත්සාහ කර තිබෙනවා.

මේ අතර අදාළ පුද්ගලයාගේ මරණය පිළිබඳ ස්ථානීය පරීක්‍ෂණය සහ මෘත ශරීර පරීක්‍ෂාව වවුනියාව අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් අද දහවල් සිදු කළා.

Share This