වසර 100කට පසු පවුලේ උපන් ප්‍රථම ගැහැණු දරුවා

වසර 100කට පසු පවුලේ උපන් ප්‍රථම ගැහැණු දරුවා

එක්සත් ජනපදයේ යුවළක් වසර 100කට පසු ස්වාමිපුරුෂයාගේ පවුලේ ප්‍රථම ගැහැණු දරුවාට උපත ලබාදී තිබෙනවා.

දැරියගේ උපත සමගින් ඔවුන් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අමතරව 1885 සිට ඇගේ පියාගේ පැත්තෙන් උපත ලබන පළමු දියණිය බවට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දැරියගේ පියා ඇන්ඩෲ ක්ලාක්, පැවසුවේ, දියණියක් උපත ලැබූ පසු ඔහු පුදුමයට පත් වූ බවයි.

මව වන කැරොලින් ක්ලාක් පැවසුවේ මීට වසර දහයකට පෙර තමා සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කරන විට තම සැමියා මෙතරම් කාලයක් ඔවුන්ට ගැහැණු ළමයෙකු නොසිටි බව පැවසූ විට තමා විශ්වාස නොකළ බවයි.

අවුරුදු 100කට වැඩි කාලයකින් තම ස්වාමිපුරුෂයාගේ පරම්පරාවේ ගැහැණු ළමයෙක් නොසිටි බවයි ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

මෙම යුවළ 2021 දී ගබ්සාවකට ලක් වී ඇති අතර, එබැවින් මෙම කුඩා දරුවාගේ පැමිණීම ඔවුන්ගේ ජීවිතයට තවත් සතුටක් ගෙන දුන් බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.

ඔවුන් ගැබ්ගෙන ඇති බව දැනගත් විට, ඒ අවස්ථාවේ පිරිමි ළමයෙක් හෝ ගැහැණු ළමයෙක් සිටීද යන්න ගැන සැලකිල්ලක් දැක්වූයේ නැති බවත් ගැබ් ගැනීම ගැන ස්තුතිවන්ත වූ අතර නිරෝගී ගැබ් ගැනීමක් සහ නිරෝගී දරුවෙකු සඳහා යාච්ඤා කළ බවයි දැරියගෙ මව්පියන් වැඩිදුරටත් කියා සිටියේ.

Share This