වසර 107කට පසු සොයා ගත් නෞකාව
වසර 107 පුරා මුහුදු පත්ලේ සැඟව තිබූ “එන්ඩුරන්ස්” ( Endurance) නෞකාව සොයා ගැනීමට සමුද්‍ර පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
ඇන්ටාක්ටිකාව ගවේෂණය කිරීම සඳහා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව මුහුදු අයිස්වල ගැටී ගිලී තිබුණේ 1915 වසරේදීයි.
ඒ වන විට එම නෞකාව සුප්‍රසිද්ධ ධ්රැවප්රදේශ ගවේෂකයෙක් වන ශ්‍රීමත් අර්නස්ට් ෂැකල්ටන්ගේ ප්‍රධානත්වයෙන් ගවේෂණ කටයුතුවල නිරත වෙමින් තිබූ බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ..
අනතුරට ලක් වන විට එම රුවල් නෞකාවේ 27දෙනෙක්ගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සේවය කරමින් සිටි අතර ගිලී යාමට පෙර සියලු දෙනා ආරක්ෂිතව ඉන් ඉවත් වීමට සමත් වී තිබෙනවා.
මුහුදු බත්වී වසර සියයකට වැඩි කාලයක් ගතවී තිබුණ ද නෞකාව ඉතා හොඳින් සංරක්ෂණය වී ඇති බවයි විද්‍යඥයින් පවසන්නේ.
නෞකාව මේ වන විට ඇන්ටාක්ටිකාවට ආසන්න වෙඩල් මුහුදේ කිලෝමීටර 03ක් ගැඹුරින් පවතින බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.