
වසර 15 කට පසුව එක්සත් ජනපදයට අධිකම ශීතලක්
වසර 15කට පසුව, එක්සත් රාජධානියේ තුළ සරත් ඍතුවේ වාර්තා වූ ශීතලම දිනය ඊයේ රාත්‍රියේ උදාවී තිබෙනවා.
ඒ ස්කොට්ලන්තයේ උෂ්ණත්වය එක රැයකින් සෙල්සියස් අංශක -12.6ක් දක්වා පහත වැටීමත් සමඟයි.
ඊට අමතරව, වේල්සයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන 7.2 ක් දක්වාද, උතුරු අයර්ලන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන 6 ක් දක්වාද, එංගලන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන 6.7ක් දක්වාද පහත වැටී තිබෙනවා.
එය පසුගිය, ජනවාරි 11න් පසු එම රටවල වාර්තා වූ සීතලම රාත්‍රියන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ හේතුවෙන් වැඩිහිටියන්ට සහ සෞඛ්‍ය අවදානම් ඇති පුද්ගලයන් ආරක්ෂා වන ලෙස එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර ඇතැම් ප්‍රදේශවල අඟල් කිහිපයක් උසට හිම පතනයද සිදුවැති බවත් වාර්තා වුණා.
