
වසර 23 කට පෙර මත්ද්‍රව්‍ය නඩුවකින් බඩෝවිට අසංක සහ කාන්තාවක් නිදහස්
මීට වසර 23කට පෙර හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ18ක මුදලක් යොදවා දෙහිවල ප්‍රදේශයෙන් ඉඩමක් ඇතුළු දේපළ මිලදී ගැනීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ පවරා තිබූ නඩුවකින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන අසංක ෆොන්සේකා හෙවත් බඩෝවිට අසංක හා ඔහුගේ සමීපතම මිතුරියක යැයි කියන නිසංසලා සඳකුමරි නමැති විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (07) නියෝග කළා.
විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් වී ඇති බවට නිගමනය කරමින් මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබා දී තිබෙනවා.
