වසර 37කට පෙර අතුරුදන් වූ කඳු නගින්නෙකුගේ මිනිස් අවශේෂ හමුවෙයි

වසර 37කට පෙර අතුරුදන් වූ කඳු නගින්නෙකුගේ මිනිස් අවශේෂ හමුවෙයි

ස්විට්සර්ලන්තයේ සුප්‍රසිද්ධ මැටර්හෝන් ප්‍රදේශයට ආසන්න ග්ලැසියරයකින් හමුවූ මිනිස් අවශේෂ 1986 වසරේ සිට අතුරුදන් වූ ජර්මානු කඳු නගින්නෙකුගේ බවට තහවුරු වී තිබෙනවා

මෙම මස මුලදී මෙම මිනිස් අවශේෂ සොයාගනු ලැබුවේ කඳු නගින්නන් විසින් Zermatt ට ඉහළින් ඇති Theodul ග්ලැසියරය තරණය කිරීමෙන් බව විදෙස් මාධ්‍ය පවසනවා .

කඳු නැගීමේ බූට් සපත්තුවක්ද හමුවී ඇති අතර DNA විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ මිනිස් අවශේෂ මීට වසර 37 කට පෙර අතුරුදහන් වූ ජර්මානු කඳු නගින්නෙකුගේ බවයි.

එම කාලයේදී ඔහුව සෙවීම සඳහා සිදු කළ සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වලදී කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකිවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා

එරට පොලිසිය කඳු නගින්නාගේ නම සඳහන් නොකළ නමුත් කඳු නැගීමකදී අතුරුදහන් වන විට ඔහු 38 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි සඳහන් කළේ

Share This