වසර 500 ක පල්ලියේ ඉතිහාසය වෙනස් කරමින් කැන්ටබරි අගරදගුරු පදවියට කාන්තාවක්

වසර 500 ක පල්ලියේ ඉතිහාසය වෙනස් කරමින් කැන්ටබරි අගරදගුරු පදවියට කාන්තාවක්

එංගලන්ත පල්ලියට ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින්, ලන්ඩනයේ බිෂොප් සාරා මුල්ලලි, කැන්ටබරි හි පළමු කාන්තා අගරදගුරුවරිය ලෙස මෙලෙස පත්ව තිබෙනවා.

එරට මාධ්‍ය පැවසුවේ පල්ලි ඉතිහාසයේ එක් ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින්, කැන්ටබරි අගරදගුරු පදවිය වසර 500 කට ආසන්න ඉතිහාසයකදී ප්‍රථම වතාවට කාන්තාවකට ප්‍රධානය කර ඇති බවයි.

මෙම භූමිකාව පිළිබඳ සාරා මුල්ලලි ඩේම් සිය පළමු දේශනයේදී, තමාට පෙර සිටි කාන්තාවන්ට ස්තූති පළ කළා.

“නිශ්චිතභාවය සහ ගෝත්‍රිකවාදය ආශා කරන යුගයක” ඇන්ග්ලිකන් පල්ලිය විසින් පිරිනමන “නිහඬ සහ ශක්තිමත්” බලාපොරොත්තුව ගැන ද ඇය එහිදී කතා කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් ඇයට “සෑම සාර්ථකත්වයක්ම” ප්‍රාර්ථනා කරන බව පැවසූ පවසා ඇයට සුබ පැතුම් එක්කළා.

එංගලන්ත පල්ලියේ හිටපු නායක ජස්ටින් වෙල්බිට එල්ල වූ අපකීර්තියක් හේතුවෙන් ඉල්ලා අස්වීමෙන් පසු, එහි දුෂ්කර කාල පරිච්ඡේදයකදී සාරා මුල්ලලි ඩේම් නායකත්වය දැරුවා.

පල්ලිය තුළ “බලය අනිසි ලෙස භාවිතා කිරීම” ආමන්ත්‍රණය කිරීම “පහසු නොවනු ඇත” යනුවෙන් මුල්ලලි කැන්ටබරි ආසන දෙව්මැදුරේදී පවසා තිබෙනවා.

එළඹෙන ජනවාරි මාසයේදී ඇය එම භූමිකාව නිල වශයෙන් තහවුරු කරනු ලබන අතර, පසුව ධූරයට පත්වීමේ මෙහෙයක් ද පැවැත් වෙනු ඇති.

දරු දෙදෙනෙකුගේ විවාහක මවක් සහ එංගලන්තයේ හිටපු ප්‍රධාන හෙද නිලධාරිනියක වන මුල්ලලි, වසර 1,400 කට වැඩි කාලයක් තිස්සේ පැවති සම්ප්‍රදායක් බිඳ දමමින්, ලොව පුරා ඇංග්ලිකන් හවුලෙහි අධ්‍යාත්මික නායිකාව බවට පත්ව තිබෙනවා.

මෙම පත්වීම එක්සත් රාජධානිය පුරා ආගමික නායකයින් විසින් පිළිගෙන තිබීම විශේෂයි.

එංගලන්තයේ සහ වේල්සයේ කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති කාදිනල් වින්සන්ට් නිකොල්ස්, අගරදගුරු-නම් කරන ලද කාන්තාවට ප්‍රශංසා කරමින්, ඇය “ඇගේ නව භූමිකාවට බොහෝ පෞද්ගලික ත්‍යාග සහ අත්දැකීම් ගෙන එනු ඇතැයි” පවසා තිබෙනවා.

ඉදිරි මාසවලදී මුල්ලලි ධුරයට පත්වීමට අපේක්ෂා කරන අතර, එහිදී ඇය නූතන සමාජ, සංස්කෘතික සහ අධ්‍යාත්මික ගැටළු හරහා ඇංග්ලිකන් පල්ලිය මෙහෙයවීමේ අභියෝගයට මුහුණ දෙනු ඇති.

Share This