වසර තුනකට පසු රුවන්ඩාව උගන්ඩාවේ දේශසීමා යළි විවෘත කරයි
2019 දී වසා දැමූ උගන්ඩාව සමඟ ඇති ප්‍රධාන දේශසීමාව සඳුදා සිට නැවත විවෘත කරන බව රුවන්ඩාව නිවේදනය කර තිබෙනවා.
නැගෙනහිර අප්‍රිකානු ජාතීන් දෙක අතර ඇති වූ ගැටුම් හේතුවෙන් කටුනා දේශසීමාවේ මිනිසුන්ට ගමන් කිරීම සහ භාණ්ඩ දේශසීමා හරහා ගෙන යාම තහනම් වුණා.
අනෙක් මායිම් දෙක වන සයනිකා සහ කගිතුඹ හරහා භාණ්ඩ පමණක් ගෙන යාමට අවස්ථාව ලැබුණා .
ජනාධිපති යොවේරි මුසවේනිගේ පුත් ලුතිනන් ජෙනරාල් මුහූසි කයිනෙරුගාබා රුවන්ඩාවේ දී ජනාධිපති පෝල් කගමේ හමුවීමෙන් පසුව නැවත විවෘත කිරීම නිවේදනය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.