වසර දෙකකට පසු අග්බෝ ඇතු මහකනදරාව අලි රංචුවට එකතුවෙලා

වසර දෙකකට පසු අග්බෝ ඇතු මහකනදරාව අලි රංචුවට එකතුවෙලා

වසර දෙකකට පමණ පෙර බඳින තුවක්කුවකට ඉදිරි වම් පාදය තුවාල ලබා සිටි අග්බෝ හස්තියා වනජීවී නිළධාරීන්ගේ ප්‍රතිකාර හමුවේ සුවය ලබා තිරප්පනය ප්‍රදේශයේ එම වසර දෙකම ජීවත් වුණා.

එම ඇතාගේ ගමන් මාර්ගය කලාවැව, තිරප්පනය,මිහින්තලේ මහකනදරාව වැව් රක්ෂිතය ඔස්සේ වැටී තිබුණ ද අසාධ්‍යය තත්ත්වයේ පසු වීම නිසා අග්බෝ ඇතා එකම තැනක තනිවී වාසය කිරීමට කටයුතු කළ බව අප වාර්තාකරු පැවසුවා.

වසර දෙකකට පසු විශේෂත්වය නම් අග්බෝ හස්තියා මිහින්තලේ මහකනදරාව වැව් රක්ෂිතයට පැමිණ මහකනදරාව අලි රංචුව සමග එකට වාසය කිරීමට දැකගැනීමට හැකි වීමයි.

Share This