වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා ලෙස Laurent Ballesta නම් කරයි

වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා ලෙස Laurent Ballesta නම් කරයි

ප්‍රංශ ජාතික Laurent Ballesta විසින් ඔහුගේ horseshoe crab ඡායාරූපය වෙනුවෙන් 2023 වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා.

එම ඡායාරූපය පිලිපීනයේ Pangatalan දූපතට ඔබ්බෙන් වූ සාගරය පතුලේ සිටි රන්වන් ආත්‍රපෝඩාවන් ලෙස සැළකෙන කකුළුවෙකුගේ මඩෙහි සිටියදී ගත් ඡායාරූපයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කුඩා මසුන් තිදෙනෙකු විසින් horseshoe crabට ඉහළින් ගමන් කරන දුර්ලභ දර්ශනයක්ද එහි ඇතුළත්.

Laurent Ballesta විසින් ”Wildlife Photographer of the Year” තරගාවලියේ වසර 59ක ඉතිහාසයේ දෙවරක් ජයග්‍රහණය කළ දෙවන ඡායාරූප ශිල්පියා බවට පත්ව තිබෙනවා.

2021 වර්ෂයේදී ඔහුට ප්‍රථම වරට Wildlife Photographer of the Year සන්නාමය ලබා ගැනීමට හැකිවුණා.

London’s Natural History Museum හි පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර ඡායාරූප ශිල්පියෙකු මෙන්ම සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු වන Laurent Ballesta ”Wildlife Photographer of the Year” ලෙස සම්මානය ලබාදුන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This