වස්ගමුව ජාතික වනෝද්‍යානයේ දී “අලි” අනතුරකින් සංචාරකයින් පිරිසක් බේරෙයි

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ දී “අලි” අනතුරකින් සංචාරකයින් පිරිසක් බේරෙයි

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සංචාරකයින් පිරිසක් රැගත් සපාරි ජීප් රථයකට වන අලියෙකු පහර දීමට උත්සාහ කරන දර්ශනයක් ඉදිරිපසින්ම පැමිණි පිරිසක් සිය ජංගම දුරකථනයකින් පටිගත කරගෙන තිබුණා.

එහිදී වන අලියා ජීප් රථයට ඔලුවෙන් පහර දෙන අතර ජීප් රථය පෙරළීමට උත්සාහ ගන්නා ආකාරය ද දක්නට පුළුවන්.

මේ දින වන අලි නිතර නැරඹීම සඳහා වස්ගමුව ජාතික වනෝද්‍යානයට සපාරි ජීප් රථවලින් යන පිරිස වැඩිවී තිබෙන මෙය ඊයේ (20) දිනයේ සිදුවූ සිද්ධියක් බවයි වාර්තා වන්නේ.

Share This