“වහාම ඉවත් වෙන්න” –  අමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් රැසකින් පුරවැසියන්ට අනතුරු ඇඟවීම්

“වහාම ඉවත් වෙන්න” – අමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් රැසකින් පුරවැසියන්ට අනතුරු ඇඟවීම්

මැද පෙරදිග උග්‍රවන ආතතීන් මධ්‍යයේ ලබා ගත හැකි වන ඕනෑම ප්‍රවේශ පත්‍රයකින් ලෙබනනයෙන් ඉවත්ව යන ලෙස අමෙරිකාව විසින් ලෙබනනයේ සිටින අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

බීරූට් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් පුරවැසියන්ගෙන් අදාළ ඉල්ලීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට අමතරව කලාපීය තත්ත්වය “ශීඝ්‍රයෙන් පිරිහීමට ලක්විය හැකි” බව සඳහන් කරමින් එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමි විසින්ද එරට පුරවැසියන් වෙත අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ටෙහෙරානයේ දී හමාස් ප්‍රධානී ඉස්මයිල් හනියේගේ මරණයට එරෙහිව ශ්‍රායලයට එරෙහිව “දරුණු” පළිගැනීමක් සිදු කරන බවට ඉරානය විසින් සිදු කළ අනතුරු ඇඟවීම හේතුවෙන් මේ වන විට මැද පෙරදිග ආතතීන් දරුණු අතට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජෝර්දානයේ විදේශ අමාත්‍යාංශය ද එහි පුරවැසියන්ට උපදෙස් ලබා දී ඇති අතර ඊශ්‍රායලයට යාමෙන් වළකින ලෙසද කැනඩාවත්, ප්‍රංශයත් සිය ජාතිකයින්ට අනතුරු අඟවා තිබෙනවා.

Share This