ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබද සැලකිලිමත් වෙන්න

ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබද සැලකිලිමත් වෙන්න

ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබද සැලකිලිමත් වන ලෙස‌ පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ආසන්නතම සිදුවීම් ලෙස තඹුත්තේගම,කිලිනොච්චිය හා එගොඩඋයන යන පොලිස් වසම්වලින් සිදුවීම් වාර්තා වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

ඒ් අනුව අදාළ ස්ථාන වටලා පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කර තිබෙනවා.

ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Share This