
ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ ඉහළ යාමක්
රට තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසනවා.
මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වසරේ ගතවූ කාලය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු 743 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.
ඒ අතරින් රුපියල් පන්දහසේ නෝට්ටු 407 ක් ව්‍යාජ නෝට්ටු වන බව ඔහු සදහන් කළා.
