වාර්තාවක් තියමින් මහ ඡන්දයේ වැඩිම මනාප විජිත හේරත්ට
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් ඉහළම මනාප සංඛ්‍යාව ලබා ගැනීමට ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු මනාප ඡන්ද 716,715ක් ලබා ගනිමින් මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව හිමි කර ගත්තා
කෙසේ වෙතත් මෙවර දෙවන වැඩිම මනාපය හිමි කර ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියයි
ඒ අනුව ඇය මනාප සංඛ්‍යාව 655,289ක් හිමිකර ගෙන තිබුණා