වාහන ආනයන යෝජනා IMF වෙත (VIDEO)

වාහන ආනයන යෝජනා IMF වෙත (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ඇගයීම් වාර්තාවට අනුව මේ වසරේ තෙවන කාර්තුවේදී පොදු මගී ප්‍රවාහනයට අවශ්‍ය වාහන සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය වාහන ආනයන සීමා ලිහිල් කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මේ වසරේ සිව්වැනි කාර්තුවේ සිට 2025 වසර දක්වා භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු අනෙකුත් වාහන ආනයනයට අවශ්‍ය පොදු සැලැස්ම නිකුත් කිරීමටද නියමිතයි.

ඒ අනුව මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බවයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ.

Share This