වාහන ආනයනයට සීමා පැනවීමක් නෑ – මහබැංකු අධිපති

වාහන ආනයනයට සීමා පැනවීමක් නෑ – මහබැංකු අධිපති

වාහන ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් මහ බැංකුව ගෙන නැතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පැවසුවා.

අද පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ වාහන ආනයනයට රජය පාශ්වයෙන් ද තීරණයක් ගෙන ඇති බවට තමන් දැනුවත් නැති බවයි.

වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මේ වසරේ මුල තීරණය කළ අතර පසුව ආනයන සීමා කරන බවට අදහසක් ද පැතිර ගියා.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ අදහස් පළ කළා.

Share This