වැඩ භාරගන්න ඩකා ආ මුහම්මද් යුනුස්

වැඩ භාරගන්න ඩකා ආ මුහම්මද් යුනුස්

බංග්ලාදේශයේ අන්තර්වාර නායකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්, එරට ඩකා අගනුවර වෙත පැමිණ තිබෙනවා.

84 හැවිරිදි වියේ පසුවන ඔහු පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ රට තුළ සිදු කළ යුතුව පවතින කළ යුතු කාර්යයන් රැසක් පවතින බවයි.

පසුගිය දින කිහිපය පුරාම බංග්ලාදේශය පුරා උත්සන්නව පැවති විරෝධතා මාලාවෙන් අනතුරුව, වසර 15ක බංග්ලාදේශය පාලනය කළ ෂෙයික් හසීනාට රටින් පලා යාමට සිදුවුණා.

පසුව එරට ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්, හමුදා නායකයින් සහ ශිෂ්‍ය නායකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස මහාචාර්ය යුනුස් නම් කිරීමට තීරණය වුණා.

Share This