වැල්ලවායේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් විසිනවයක් ආවරණය වන පරිදි නිවාස 19,000ක් පරික්ෂාවට ලක්වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරන්නේ.
වැඩසටහන සදහා වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,වැල්ලවාය පොලිසිය,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රදේශයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහ ප්‍රදේශයේ සමිති සමගාම් වල ජනතාව සහභාගී වී තිබෙනවා.
මෙහිදී අවදානම් සහිත ප්‍රදේශ හඳුනාගෙන ඔවුන්ට දැඩිලෙස අවවාද කිරීමට කටයුතු කල අතර ඉදිරියේ දී එම පුද්ගලයන් ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.