
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ඝාතනය පිටුපස සිටින්නන් ලඟදීම හෙළිවන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසයි
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනයට නායකත්වය දුන් අය දැන ගන්නට ලැබෙනු ඇතැයි පළාත් පාලන සහ පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ දිවයින පුරා “ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන” ඉදිකිටීමේ ව්‍යාපැතිය යටතේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සඳහා හිමිවන ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
ඉදිරි වසර 03 ක් තුළ සනීපාරක්ෂක බිම් පිරවුම් වෙය්හ යොමුවන අප්ද්‍රව්‍ය ප්‍රමාණය 30% කින් අවම කිරීම අරමුණු කර ගනිමින්ආපද්‍රව්‍ය කළමනකරණයට පළාත් පාලන ආයතන සවිබල ගැන්වීම උදෙසා ව්‍යාපෘතියක් Clean ශ්‍රී ලාකා වැඩසටහනේ ද සහාය ඇතිව ක්‍රියාත්මක වනවා.
එහිදී නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පෙන්වා දුන්නේ මේ වනවිට අනාවරණය වෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාලය හා පාතාලය ,රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙල පිළිබදවත් , විපක්ෂය ඒ සම්බන්ධයෙන් කළබල වී ඇති ආකාරය පිළිබඳවත් ,සිදු ඇඳගෙන පැමිණෙන බොහෝ අය කළු ඇඳගෙන පැමිණෙන බවත් සඳහන් කළා.
