වැලිසර ළය රෝහල අයාලේ යන සුනඛයින්ගෙන් ලෙඩ වෙයි (VIDEO)

වැලිසර ළය රෝහල අයාලේ යන සුනඛයින්ගෙන් ලෙඩ වෙයි (VIDEO)

පෙනහලු ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති එකම රෝහලවන වැලිසර ළය රෝහලේ අයාලයේ සුනඛයන් විශාල ලෙස සැරිසැරීම හේතුවෙන් රෝගීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය ද දැඩි පිඩාවට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ රෝහලේ ප්‍රතිකාර ඒකක ,වාට්ටු මෙන්ම අනෙකුත් ස්ථාන වල ද සුනඛයින් ගැවසීම හේතුවෙන් පවතින රෝගී තත්ත්වයන්ට අමතරව සෞඛ්‍ය ගැටලු ද ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

ළය රෝග සඳහාම ප්‍රතිකාර ලබාදීමට මෙරට පිහිටුවා ඇති එකම රෝහල වැලිසර ළය රෝහලයි.

ක්ෂය රෝගය ප්‍රධාන කොට ගත් පෙනහලු ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර ලබාදීමේදී මේ රෝහලෙන් සිදුවන්නේ සුවිශාල සේවාවක්.

පෙනහලු රෝගවලට අදාළ සියලුම නවීන විද්‍යාත්මක පරීක්ෂණ සහ අදාල සෑම අංශයකටම අදාළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැදුම්ලත් කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම රෝහලෙන් දෛනිකව සේවාව ලබා ගැනීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණෙනවා.

Share This