වැව් තුනකට ජලය නොමැතිකමෙන් මැදිරිගිරියේ කුඹුරු අක්කර 400 ක් පුරන් වෙන ලකුණු

වැව් තුනකට ජලය නොමැතිකමෙන් මැදිරිගිරියේ කුඹුරු අක්කර 400 ක් පුරන් වෙන ලකුණු

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ඩී කලාපයට අයත් පලුගස්වැව, බෝපිටියවැව, වීරගොල්ලවැව යන
වැව් තුනෙන් ගොවි පවුල් 250 ක පමණ පිරිසක් කුඹුරු අක්කර හාරසිය පනහක් පමණ අස්වද්දනු ලබනවා.

මැදිරිගිරිය මහවැලි නිලධාරීන් විසින් මේ මාසයේ පසුගිය 03 වන දින සියලුම සුළු වාරි මාර්ග වලට ජලය නිකුත් කළ අතර මෙතෙක් මෙම නම් සඳහන් වැව තුනට ජලය නිකුත් නොකිරීම නිසා එම ප්‍රදේශයේ ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

එම ප්‍රදේශවල ගොවීන්ට දැන් සිදුවී ඇත්තේ අහස් ජලයෙන් කුඹුරුවල මඩ වැඩ සිදුකර ජලය නොමැති කමින් බලාගෙන සිටීමටයි.

ඔවුන් සඳහන් කරන්නේ මහා වාරි මාර්ගවල ගොවීන් ගොවිතැන් කරමින් සිටින බවත් තමන්ට කුඹුරු වගා කටයුතු සඳහා ජලය මෙතෙක් ලබාදීමට කටයුතු නොකිරීම නිසා කන්නය වගා කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි.

පසුගිය රජය සමයේ ටී. බී. සරත්, නාමල් කරුණාරත්න මන්ත්‍රීවරුන් ගොවීන්ට කාලෙට වේලාවට ජලය ලබාදීමට අවශ්‍ය බවට හඬ නැගුව ද දැන් මෙම ගම්මාන වල සිටින ඔවුන්ගේ කිසිදු සංවිධායකවරයෙක් තමන් මුහුණ දී සිටින ජල ගැටලුව පිළිබඳ සොයා නොබලන බවට චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ තව දින පහකින් මගවලි බලධාරීන් කුඹුරුමඩ වැඩ සඳහා ජලය ලබාදීම සීමා කරන අතර ඉන්පසුව මුර වතුර ලබා දීම ආරම්භ කරන බවයි.

එසේ දින විස්සකට වැඩි කාලයක් ගතවී ඇතත් මෙතෙක් ජලය ලබා නොදීම නිසා තමන්ට වගා කටයුතු කළ නොහැකි වී ඇතැයි ගොවීන් රජයට සහ මහවැලි නිලධාරීන්ට චෝදනා කරනවා.

එම ප්‍රදේශයට ජලය ලබා ගැනීමට මහවැලි නිලධාරීන් කිසිදු මැදිහත්වීමක් නොදක්වන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එම නිසා කඩිනමින් මෙම ගැටලුව නිරාකරණය කර දෙන ලෙසයි ගොවීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ

 

Share This