වැස්සට ගණන් ගිය එළවළු හා මාළු මිල ගණන්

වැස්සට ගණන් ගිය එළවළු හා මාළු මිල ගණන්

‍පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග වෙළෙඳපොළේ එළවළු මිල යළි ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග එළවළු ඵලදාව විනාශ වීම මෙම මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බව මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති අජිත් කළුතරගේ මහතා පෙන්වා දෙනවා.

මේ අතර මාළු මිල ගණන් ද මේ දිනවල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ධීවරයින් ධීවර කටයුතු සඳහා යොමු නොවීම මාළු මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංසඳයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කරන්නේ.

Share This