වැස්සත් එක්ක ඩෙංගු රෝගීන් ඉහළට

වැස්සත් එක්ක ඩෙංගු රෝගීන් ඉහළට

මෝසම් වර්ෂාවත් සමග වතුර එකතු වන ස්ථාන වැඩිවී මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඩෙංගු රෝගය වාර්තාවීම වැඩිවී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

එමෙන්ම, පසුගිය අප්‍රේල් මාසයේ අවසන් සති 02 සිට මේ දක්වා ක්‍රම ක්‍රමයෙන් රෝගීන් වාර්තා වීම වැඩිවී ඇති අතර මේ වන විට මෙම වසර තුළ ඩෙංගු රෝගීන් 27,639ක් වාර්තා වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර පසුගිය 25 වැනිදා දවස තුළ මුළු දිවයිනෙන්ම රෝගීන් 140ක් වාර්තා වූ බවත් කොළඹ දිස්ත්‍රික්කය තුළ රෝගීන් 46ක් වාර්තා වූ බවත් ඔහු සඳහන් කළා.

මෙම දත්ත සැලකිල්ලට ගැනීමේදී මසක් තුළ ඩෙංගු රෝගය වාර්තා වීමේ සාපේක්ෂ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි ඔහු පැවසුවේ.

Share This