වැසි තත්ත්වයෙන් වැසුණු පාසල් නැවත විවෘත වෙයි

වැසි තත්ත්වයෙන් වැසුණු පාසල් නැවත විවෘත වෙයි

මහවැසි හේතුවෙන් තාවකාලිකව වැසුණු පාසල් අද (16) පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

මේ අතර අවතැන් කඳවුරු ලෙස යොදාගත් පාසල් කිහිපයක් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එම කඳවුරු අයත් බල ප්‍රදේශවල අධ්‍යාපන නිලධාරීන් තීරණයක් ගත යුතු බවද අමාත්‍යාංශය නිවේදනය කළා.

ඉදිරි දිනවලදී කාලගුණික තත්ත්වය වෙනස්වීමක් සිදුවන්නේ නම් පාසල් වසා තැබීම හෝ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන නිලධාරීන් තීරණයක් ගනු ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ නිවේදනයේ සඳහන්.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ, ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවලත් කඩුවෙල හා කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාස තුළත් පිහිටි පාසල් දින දෙකක් වසා තැබීමට පියවරගෙන තිබුණා.

එසේම දකුණු පළාතේ ද පාසල් කිහිපයක් මේ හේතුවෙන් වසා තැබීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.

Share This