වැසිකිළි වළක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (VIDEO)

වැසිකිළි වළක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (VIDEO)

හබරාදූව පොලිස් වසමෙි නාගස්හංදිය, පිලාන ප්‍රදේශයේ නිවසක වැසිකිළි වළක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයටපත්ව තිබෙනවා.

හබරාදූව පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයා ඔහුගේ නිවසේ සාදා ඇති වැසිකිලිවලට කාබයිට් දැමීමට ගිය අවස්ථාවේදී වැසිකිලිවල පුපුරායාම හේතුවෙන් ඔහු බරපතල තුවාල ලබා ඇති බවයි.

ප්‍රදේශවාසීන් විසින් ගාල්ල ජාතික රෝහල වෙත ඔහු රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි පිලාන, වංචාවල පුද්ගලයෙක් වන අතර සිද්ධීය සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය පරික්ෂණ සිදුකරනවා.

Share This