
විද්‍යාව සහ තාක්ෂණය ගැන පාසල් සිසුන් උනන්දු කරන්න වැඩසටහනක්
පාසල් සිසුන් තුළ විද්‍යාව හා තාක්ෂණය කෙරෙහි උනන්දුව හා උද්යෝගය ඇති කිරීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුව සහ වීරකැටිය විදාතා සම්පත් මධ්‍යස්ථානය සමඟ එක්ව වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයේ සංවිධානය කරන ලද විශේෂ රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මෙම කඳවුර පසුගිය 29 වන දින රාත්‍රිය පුරා පැවැත් වුණ අතර උත්සවයට සමගාමීව, වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයේ “රදපස” තාරකා විද්‍යා සංගමයේ සාමාජිකයින්ට නිල ලාංඡන ප්‍රදානය කිරීම ද සිදු කෙරුණා.
මෙම කඳවුර සමාජය තුළ විද්‍යාව ප්‍රචලිත කිරීම සඳහා අමාත්‍යාංශයේ පුළුල් මුලපිරීමේ කොටසක් වන අතර එය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනවා.
අමාත්‍යාංශය පැවසුවේ මෙම වැඩසටහන විශේෂයෙන් පාසල් දරුවන් අතර විද්‍යාව හා තාක්ෂණය කෙරෙහි කුතුහලය සහ උද්යෝගය වර්ධනය කිරීම අරමුණු කර ගෙන සංවිධානය කළ බවයි.
රාත්‍රී අහස කඳවුර මෙහෙයවනු ලැබුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගේ සහාය ඇතිව, ආතර් සී ක්ලාක් නවීන තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින්.