විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කෙරේ
විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා පත් කර තිබෙනවා
ඒ අනුව ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී ලබා දුන්නා
කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙක්
මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් වේන් ස්ටේට් යුනිවර්සිටි වෙතින් ආචාර්ය උපාධිය ද, ටෙක්සාස් සවුත් වෙස්ටර්න් මෙඩිකල් සෙන්ටර් වෙතින් පශ්චාද් ආචාර්ය උපාධිය ද හිමි කර ගෙන තිබෙනවා
ඔහු පේටන්ට් බලපත්‍ර රැසකට උරුමකම් කියන අතර අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගරු සේවයක් ලෙස විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ තනතුරට එක් වීම විශේෂත්වයක්