විදුලි – ඉන්ධන අර්බුදයත් සමඟ විභාග කල් යයි ද ? (වීඩියෝ)
මෙම වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා සිට නොවැම්බර් මස 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම මෙම වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.
පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වනදා සිට ජුනි මස පළමු වනදා දක්වා පැවැත්වෙන බව සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ විදුලි අර්බදය සහ ඉන්ධන අර්බුදය ඉදිරියේ දී මඟ හැරී යාමත් සමඟ විභාග කලසටහන්වල වෙනස් සිදු කිරීමට අවශ්‍යතාවක් ඇති නොවන බවයි.