විදුලි බිල ගැන IMF ආයෙත් ශ්‍රී ලංකා රජයට සහතික ලියයි (VIDEO)

විදුලි මිල වැඩි කිරීම සාධක ගණනාවක් මත රඳා පවතින බවත් ශ්‍රී ලංකා රජයට ලබාදුන් වැඩසටහන අනුව ඔවුන්ගේ සම්පූර්ණ සහය ඊට හිමිව ඇති බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තෝමස් හෙල්බ්ලින්ග් මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇමෙරිකාවේ වොෂිංටන් නුවරදී සංවිධාන කළ වාර්ෂික හමුවේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කළේ, ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ ඇස්තමේන්තු කර ඇති හිඟය මඟ හැරීම සඳහා 6.8%කින් විදුලි ගාස්තුව වැඩිකළ යුතු බවටයි.

පසුව ඒ පිළිබඳව මහජන අදහස් ඇතුළු කරුණු සලකා බැලීමෙන් පසු එම කොමිසම තීරණය කළේ විදුලි ගාස්තු ඉදිරි මාස තුන සඳහා කිසිදු සංශෝධනයක් නොකිරීමටයි.

Share This