
විදුලි බිල වැඩි කිරිම නතර වූයේ සමගි ජන බලවේගයේ බලපෑම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි
රටේ වයසින් අඩු ප්‍රජාතන්ත්‍රික දේශපාලන පක්ෂය වන්නේ සමගි ජන බලවේගය බවත් , 2020 පෙබරවාරි මාසයේ ආරම්භ වූ සමගි ජන බලවේගය වසර 30ක් මැතිවරණ කළා යැයි සමහරු හිතා ගෙන හිටියත් තම පක්ෂය මේ වන විට මුහුණ දී ඇත්තේ මැතිවරණ 4 කට පමණක් මුහුණ දී ඇති බවත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු පවසන්නේ මේ කාලය තුළ මෙරට විපක්ෂයක් ලෙස දැවැන්ත කාර්යභාරයක් සමගි ජන බලවේගය ඉටු කර ඇති බවයි.
ආණ්ඩුව සහ විදුලි බල මණ්ඩලය අයි.එම්.එෆ් උපදෙස් සහ කොන්දේසිවලට අනුව 6.8% කින් විදුලි බිල වැඩි කරන්න ගිය අවස්ථාවේ පසුගිය දිනවල තමා ඇතුළු විපක්ෂය රට වටා ගොස් විදුලි බිල වැඩි කළොත් මහපාරට බහිනවා යැයි කියු නිසා විදුලි බිල වැඩි කිරීමේ තීරණය මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසුවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (14) මහනුවර දී මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ පැවැති හමුවකදීයි.
විපක්ෂයේ කාර්යභාරය වන්නේ තරු පහේ හෝටල්වල සිට සාකච්ඡා කිරිම නොව ජනතාව වෙනුවෙන් සැබෑ වගකීම ඉටු කිරිම බවත්, මහජන උපයෝගීතා කොමිසම මේ ගත් තීන්දුව සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කර සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසුවා.
ආණ්ඩුවේ අසාධාරණ විදුලි බිල වැඩි කිරිම නතර වූයේ සමගි ජන බලවේගයේ බලපෑම නිසා බවත් මාස 3කට විදුලි බිල වැඩි වීම අත්හිටුවීම පමණක් නොව ඉදිරි දින සති කිහිපය තුළ විදුලි බිල 33% කින් අඩුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධරණය කළා.
සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ප්රමුඛ රජය පසුගිය මැතිවරණ වේදිකාවල කියූ ආකාරයට රු. 9000 බිල රු. 6000 ත්, රු. 3000 බිල රු. 2000 දක්වා 33% කින් අඩුවිය යුතු බවයි.
එසේ නොකළහොත් මෙරට ජනතාව සමඟ මහපාරට බැස අරගල කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.