විදුලි භාවිතය සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට පියවර (වීඩියෝ)
විදුලි භාවිතය සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් කැලණිතිස්ස විදුලිබලාගාරයේ විදුලි ජනන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර වීමත් සමඟ යළිත් විදුලි අර්බුදයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි විදුලි ඉංජිිනේරු සංගම් පවසන්නේ.
මේ අතර ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා සුනිත්‍ය බලශක්ති අධිකාරියට ගොස් එහි කටයුතු සොයා බැලුවා.
මේ වන විට මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කැලණිතිස්ස, සෝජිට්ස්, යන බලාගාර සඳහා ඉන්ධන නොමැති වීමෙන් විදුලි ජනන ක්‍රියාවලියට බාධා එල්ල වී තිබෙනවා.
එල්ලවන බාධා හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට එක්වන විදුලි සැපයුම අඩාල නොවීම සඳහා විදුලිබල මණ්ඩලය සමඟ මහජන උපයෝගිතා කොමිසන් සභාව මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
එහි එක් පියවරක් ලෙස විදුලි භාවිතය නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමඟ මහජන උපයෝගිතා කොමිසන් සභාව පියවර ගෙන තිබෙනවා.
ඒ යටතේ මහපරිමාන වශයෙන් විදුලිය භාවිතා කරන පාරිභෝගිකයින්ට තමන් සතු හදිසියකදී භාවිතාකළ හැකි විදුලි ජනන යන්ත්‍ර භාවිතයට ගන්නා ලෙසට දැනුම් දී ඇති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.
මේ අතර ඉදිරි දින කිහිපය තුල ලංකා විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 300 ක පමණ ධාරිතාවක් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව ඉදිරි කාලය තුළ විදුලිය බිඳ වැටීමකින් තොරව අඛණ්ඩ සැපයුමක් ලබා දීමට හැකිවනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසන්නේ.
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ තාප විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන තොග සෘජුව ෂධක සමාගම හරහා ලබා ගැනීමට ක්‍රියා කිරීම මේ වන විට බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
එවන් පසුබිමක අයි.ඕ.සී. ඉන්ධන පිරවුම් හල් ඉන්ධන මිල ඉහළ නැංවීම හමුවේ ඛනිජතෙල් සංස්ථාවද ඉන්ධන මිල ඉහළ නැංවීමට අවසර ඉල්ලා තිබුණා.
ඒ හේතුවෙන් ඊයේ රාත්‍රීයෙත් අද උදෑනත් බොහෝ ඉන්ධන පිරවුම්හල් අසළ ඉන්ධන ලබා ගැනිම සඳහා රථ වාහන රියදුරන් රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.
මේ අතර ඉන්ධන සඳහා පනවා අති සියලු බදු ඉවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ නංවන ලෙස කෙරෙන ඉල්ලීම්වලට ප්‍රතිචාර නොලැබුණු විටයි ඛනිජ තෙල් අමාත්‍යවරයා මේ ඉල්ලීම කර තිබෙන්නේ.