විදුලි සේවකයින්ට බෝනස් නැහැ (VIDEO)

විදුලි සේවකයින්ට බෝනස් නැහැ (VIDEO)

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මෙම වසරේ දී ප්‍රසාද දීමනා හෝ වෙනත් දීමනා ලබා නොදීමට තීරණය කර ඇති බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම්දී තිබෙනවා.

එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට ලිඛිතව මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට 2015 වසරේ සිට වසර 3කට වරක් හිමිවූ 20%ක වැටුප් වර්ධක ද ලබා නොදීමට තීරණය කර ඇති බව සඳහන්.

විදුලිබල මණ්ඩලයේ පරිපාලන හා මෙහෙයුම් පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස මීට පෙර වසරවල ද වාර්ෂික දීමනා නොගෙවූ බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අදාළ ලිපිය මගින් සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ විකාශය වූ “ස්වර්ණවාහිනී පත්තරේ” වැඩසටහනෙන් ද තොරතුරු ඉදිරිපත් වුණා.

Share This