විදුලියෙන් ක්‍රියාත්මක ගුවන් taxi යානා නිෂ්පාදනයට නව කර්මාන්ත ශාලාවක්

විදුලියෙන් ක්‍රියාත්මක ගුවන් taxi යානා නිෂ්පාදනයට නව කර්මාන්ත ශාලාවක්

2026 වසරේ සිට විදුලියෙන් ක්‍රියාත්මක ගුවන් taxi යානා නිෂ්පාදනය කිරීම සඳහා Sao Paolo අසල නව කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව බ්‍රසීලියානු ගුවන් යානා නිෂ්පාදකයෙකු වන Embraer පවසා තිබෙනවා

එහි අනුබද්ධිත ආයතනයක් වන Eve විසින් නිපදවීමට නියමිත මෙම ගුවන් යානය මගීන් හය දෙනෙකු දක්වා ප්‍රමාණවත් ඉඩකඩ සහිත කුඩා හෙලිකොප්ටරයකට සමාන වනු ඇති

සංචාරයක් සඳහා එක් පුද්ගලයෙකුට ඩොලර් 50ත් -100 ත් අතර මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

Eve ආයතනය පවසන්නේ දැනටමත් එයාර් ටැක්සි 3,000 කට ආසන්න ප්‍රමාණයක් සඳහා ඇණවුම් ඇති බවයි.

මේ වසරේ මූලාකෘතියක් එකලස් කිරීමට බලාපොරොත්තු වන බවයි එක්සත් ජනපද නියාමකයින් සඳහන් කර ඇත්තේ

මෙම ගුවන් යානයට ධාවන පථයක් අවශ්‍ය නොවන නමුත් ගුවන් යානයක් මෙන් දිගු දුරක් ගමන් කළ හැකියි

එමෙන්ම සම්මත ගුවන් යානා හා සසඳන විට විදුලි මෝටර ශබ්දය හා දූෂණය අඩු කළ යුතු බවටයි නිෂ්පාදකයින් පවසන්නේ

ගනුදෙනුකරුවන්ට අධික මිලක් නොගෙවා ජනාකීර්ණ නගරවල රථවාහන තදබදය අවම කර ගනිමින් ගමන් කිරීමට මෙම ගුවන් යානය උපකාරී වනු ඇති බවත් ඒවා භාණ්ඩ ප්‍රවාහනය සඳහා විකල්පයක් ලෙස භාවිතා කළ හැකි බවත් සඳහන් වනවා

බ්‍රසීලයේ අගනුවර වන සාඕ පවුලෝ සිට කිලෝමීටර් 140ක් පමණ දුරින් පිහිටි ටෝබේට් නගරයේ මෙම කර්මාන්තශාලාව ඉදි කෙරෙනු ඇති

පළමු ගුවන් ගමන් සඳහා නියමුවෙකු සිටින නමුත් පසුව ස්වයං නියමු වාහන නිකුත් කිරීම ද සමාගමේ සැලසුම්වල තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

 

Share This