විදුලිසැර වැදී පුද්ගලයෙක් මරුට
පන්විල – කැලෑබොක්ක ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක ඌරන් සඳහා ඇඳ තිබූ විදුලි රැහැන් පද්ධතියක ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය පවසන්නේ එම පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
27 හැවිරිදි මියගිය පුද්ගලයා මඩුල්කැලේ, කැලෑබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පන්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.