විදෙස් ගත වූ පොලිස් කොස්තාපල්ගේ ගිනිඅවිය එක්ක සැකකරුවෙකු අත්අඩංගුවට

විදෙස් ගත වූ පොලිස් කොස්තාපල්ගේ ගිනිඅවිය එක්ක සැකකරුවෙකු අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයා වෙනත් පාර්ශ්වයකට යොමුකළ රාජකාරි ගිනිඅවිය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලීසිය පැවසුවේ එම ගිනිඅවිය සඳහා යොදාගන්නා උණ්ඩ 30ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් අනුව අද (17) එම ගිනිඅවිය හා උණ්ඩ මෙලෙස සොයාගෙන තිබෙනවා

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්

සැකකරු හෙට (18) අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතයි

මේ සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් 4ක් විසින් ද පරීක්ෂණ ආරම්භ කර තිබුණා

Share This