විදේශ ගමන් බලපත්‍ර හිමියන් රෆා හරස් මාර්ගය හරහා පිටවීමට පටන් ගනී

විදේශ ගමන් බලපත්‍ර හිමියන් රෆා හරස් මාර්ගය හරහා පිටවීමට පටන් ගනී

ඊශ්‍රායල-හමාස් යුද්ධය ඔක්තෝබර් 7 වැනිදා ආරම්භවීමෙන් පසු ප්‍රථම වතාවට විදේශ ගමන් බලපත්‍ර හිමියන් විශාල සංඛ්‍යාවක් යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයෙන් පිටව යාමට පටන් ගත් බව AFP වාර්තාකරුවන් පවසනවා

ඊජිප්තුවේ දකුණු මායිමේ පිහිටි රෆා හරස් මාර්ගය විවෘත කිරීමෙන් පසු ගාසාවේ ඒ හරහා කී දෙනෙක් පිටව යාමට සමත් වූවාද යන්න තවමත් පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

අත්‍යවශ්‍ය ආධාර ට්‍රක් රථ 200 කට වැඩි ප්‍රමාණයක් ඊජිප්තුවේ සිට ගාසා තීරයට පැමිණ ඇති නමුත් කිසිදු පුද්ගලයෙකුට පහරකෑමට ලක් වූ ගාසා තීරයෙන් පලා යාමට අවසර දී නැහැ

ඔක්තෝබර් 7 එල්ලවූ හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් සති තුනකට වැඩි කාලයක් පුරා එල්ල කරන ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලට ලක් වූ මිලියන 2.4 ක ජනතාවක් ගාසා තීරයේ ජීවත් වන බවද විදෙස් මාධ්‍ය පවසනවා

රටින් පිටව යාමට රටවල් 44 ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ආයතන ඇතුළු නියෝජිතායතන 28 ක් සිටින බවයි පැවසෙන්නේ

හමාස් විසින් පාලනය කරන ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, බෝම්බ ප්‍රහාරවලින් 8,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ඔවුන්ගෙන් තුනෙන් දෙකක් කාන්තාවන් සහ ළමුන් වනවා

Share This