විපක්ෂයේ විරෝධතා මැද අගමැති මෝදි නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කරයි

විපක්ෂයේ විරෝධතා මැද අගමැති මෝදි නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කරයි

ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද (28) විවෘත කර තිබෙනවා.

කෙසේ වෙතත් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමට අග්‍රාමාත්‍යවරයා වෙනුවට ජනාධිපතිවරයා අවශ්‍ය බව පවසමින් විපක්ෂයේ පිරිස් විරෝධතාවයේ නිරත වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ

එමෙන්ම උත්සවය පැවැත්වෙන අතරතුර ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මල්ලවපොර ක්‍රීඩකයින් කිහිප දෙනෙකු නව ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රි කෝණාකාර හැඩති තට්ටු 4කින් යුත් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි මන්ත්‍රීවරුන් 1,272 කට අසුන් ගැනීමේ හැකියාව පවතින බව සඳහන්.

එමෙන්ම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය අසුන් ගන්නා ලෝක් සභා සභා ගර්භය නිර්මාණය කර ඇත්තේ ඉන්දියාවේ ජාතික පක්ෂියා වන මොනරකුගේ ස්වරූපයෙන් වන අතර ඉහළ මන්ත්‍රී මණ්ඩලය අසුන් ගන්නා කොටස නිර්මාණය කර ඇත්තේ එරට ජාතික පුෂ්පය වන නෙළුම් මලට සමාන වන ලෙසයි

මීට අමතරව ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි

Share This