විරෝධතා හමුවේ පාකිස්ථාන රජයට කෝටි 25 ක පාඩුවක්

විරෝධතා හමුවේ පාකිස්ථාන රජයට කෝටි 25 ක පාඩුවක්

පාකිස්ථාන පී ටී අයි පක්ෂය තහනම් කිරීමේ සැලසුම්වල කොටසක් ලෙස පක්ෂයේ නායකයින්, ආධාරකරුවන් සහ කාන්තාවන් ඇතුළුව 7,000 ක් පමණ සිරගත කර ආතැයි එම පක්ෂයේ සභාපති සහ එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.

ඉකුත්දා පැවැති විරෝධතාවලදී රජයේ ගොඩනැගිලි සඳහා හානි කළේ කවුරුන්ද යන්න සොයා බැලීමකින් තොරව පීටීඅයි පක්ෂයේ පිරිස් සැලසුම් සහගතව සිර කර ඇති බවයි ඔහු චෝදනා කළේ.

ඒ සඳහා සම්බන්ධ මැර පිරිස්වලට එරට ආරක්ෂක අංශ පහසුකම් සපයන බවට ද ඉම්රාන් ඛාන් චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එබැවින් සාධාරණය උදෙසා රජයට එරෙහිව විරෝධතා පැවැත්වීම සඳහා සූදානමින් සිටින ලෙසයි ඉම්රාන් ඛාන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඉකුත්දා පාකිස්ථානයේ ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ රජයේ දේපළවලට සිදුවූ හානිය ගණන්බලා ඇත්තේ පාකිස්ථාන රුපියල් කෝටි 25 ක් ලෙසයි.

Share This